අවකාශය මත ඇදෙන ත්‍රිමාන සිතුවම්- වොක්සිබොක්ස්


සාමාන්‍ය තිර තාක්ශනය බිදහෙලා අනාගත තාක්ශනය කෙබදුදැයි අපට අවභෝද කරගැනීමට දැන් නවතම තිරයක් වොක්සියෝ බොක්ස් ලෙස නිකුත් වී ඇත. මෙය තිරයක් පමනක්ම නොව පරිඝනක ක්‍රීඩා කරන්නන්ට තම පරිඝනක ක්‍රීඩාද ත්‍රිමාන ලෙස ක්‍රීඩා කිරීමට හැකි ක්‍රීඩා උපාංගයක්ද වෙයි. ස්ටාර් වෝර්ස් හා ස්ටාර් ට්‍රෙක් චිත්‍රපටවල තිබූ ලෙසම දියුනු තාක්ශනයක් මෙම වොක්සියෝ බොක්ස් හි ඇත.
මෙම එක්සියෝ බොක්ස් නිර්මාණකරුවන් පරිඝනක ක්‍රීඩා වට(Levels) නිර්මාණය කිරීම ඇරබූයේ පසුගිය වසරේදී ය. මෑතකදී පැවැත්වූ එම තරග වලට සහභාගී වූවන් සතුටින් එම තරග අවසන් කලෝය. මෙම තරග සදහා භාවිතා වූයේ චෙස් වැනි ක්‍රීඩාය.



මෙම වොක්සිබොක්ස් පි‍ටුපස ඇති තාක්ෂනය පෙනෙන තරමටම සංකීර්ණ නැත. මෙම උපාංගයේ ඇති ප්‍රක්ෂේපන යන්ත්‍රය (Projector) මගින් රූපයක් හෝ චලනය වන වීඩියෝවක්  කිරන භාවිතයෙන් තිරය මතට ප්‍රතිබිම්භගත කරයි. එම ප්‍රතිබිම්භය ගැස්සෙමින් අඛන්ඩව ඉහලට හා පහලට ගමන් කිරීමට පටන් ගනියි. එම අඛන්ඩ ගැස්සීම අවකාශය මත ත්‍රිමාන සිතුවමක් ඇදීමට ඉඩ සලසයි. ඒ අයුරින් මෙහි ත්‍රිමාන පින්තූර අවකාශය මත පෙන්වයි.

ඔබට මෙම වොක්සිබොක්ස් එක මත අත ගෙනයාමට හැකිය. නමුත් මෙහි පෙන්වන කිසිදු ඉමේජයක තත්වයට එයින් හානියක් වන්නේ නැත. එය එම සාමාන්‍ය තත්වයෙන්ම අවකාශය මත පෙන්වයි. නමුත් ඔබ තිරයට ඉහලින් සිට තිරය මත බැලුවහිත් ඔබට තිරය දැක බලා ගැනීමට ඉඩක් නොලැබෙනු ඇත. ඒ එම තිරය දෙස ඉහලින් බැලූ විට එය නොපෙනෙන නිසාවෙනි.  ඒ එම උපාංගයේ ස්වභාවයයි.

මෙම උපාංගයේ නිර්මාතෘවරුන් පවසන්නේ මෙම උපාංගය ගෙදර දොර භාවිතය සදහා ඉතා යෝග්‍ය නොවන බවය. නමුත් මෙම වොක්සිබොක්ස් උපාංගය දියුනු වී නුදුරේදීම අපව නව ලොවකට ගෙන යාමට සූදානම් බව නෝනුමානය.
ස්තූතියි
තවත් ලිපියකින් හමුවෙමු
මම රුසිරු අංජන ගුනරත්න
4Dimension පරිගණක අංශ භාර
Copyright @ 2013 සිව් මානය-4Dimension. Designed by Templateism | MyBloggerLab

Clock

4Dimension

Mouse

Blogger Tricks

Definition List

Wadiya

Like Us

-