පරිගණක ක්‍රීඩාවක් පහසුවෙන්ම සාදමු - කෝඩු ගේම් ලැබ් (දෙවන කොටස)

මූලික ක්‍රියාකාරකම්
නව පරිගණක ක්‍රීඩාවක් නිර්මානය කිරීමට Load World හි Lessons යටතේ ඇති First Tutorial යන්න Play කරන්න.

දැන් ලැබුනු පි‍ටුවේ Exit Tutorial යන බොත්තම ඔබන්න. එවිට ඔබට හිස් බිමක් ලැබේවි. එම හිස් බිමේ අපේ පරිගනක ක්‍රීඩාව සෑදීමට යතුරු පුවරුවේ ඇති Esc යතුර ඔබන්න. එවිට ඔබට පහත පරිදි වූ පි‍ටුවක් ලැබේවි.
අප අපගේ පරිගනක ක්‍රීඩාවේ සම්පූර්න දේ සිදු කරන්නේ මෙම පොලව මතයි. මෙහිදී අපගේ පරිගනක ක්‍රීඩාව සෑදීමේ පහසුව තකා අපට මෙවලම් 12 ක් ඉදිරිපත් කර ඇත.
1 Home Menu(මෙනුවට පිවිසිය හැකිය)
2 Play Game(සෑදූ ගේම් එක Play කරගත හැකිය)
3 Move Camera(පසුබිම අවශ්‍යය ලෙස හරවාගත හැක)
4 Object Tool(Game  එකට චරිත එක් කල හැක)
5 Path Tool(මාර්ග ඇදීම කල හැක)
6 Ground Brush(පොලොව පාට කිරීම, නව පොලොවක් ඇදීම හා මකා දැමීම සිදු කල හැක)
7 Up/Down(කදු නිර්මානය කරගත හැක)
8 Flatten(ඉස්සුනු පොලොව සමතලා කරගත හැක)
9 Roughen(පොලොව උස්සාගත හැක)
10 Water Tool(ජලය එක් කිරීම, ජලය නැති කිරීම, හා ජලය පාට කිරීම)
11 Delete Tool(අනවශ්‍යය දේ මකා දැමීම)
12 Change World Settings(Game එකේ Settings  සැකසීම)

මෙවලම් අවබෝධ කර ගැනීම
මෙවලම් සියල්ල එකවර අවබෝධ කර ගැනීමට අපි කුඩා පරිගනක ක්‍රීඩාවක් නිර්මාණය කරමු. මෙමගින් ඔබට සියලුම මෙවලම් ගැන කුඩා හෝ අවබෝධයක් ලැබේවි.
අපි අපේ මුල්ම පරිගණක ක්‍රීඩාව විදිහට නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන්නේ වතුර යට ඉන්න මාලුවෙක් වතුරයට තියෙන බෝලයක් අරගන්න කොට ලකුනු වැඩිවෙන ගේම් එකක්. පහල දක්වා ඇත්තේ එම පරිගනක ක්‍රීඩාවයි.

දැන් අපි එම පරිගණක ක්‍රීඩාව නිර්මාණය කිරීමට පටන් ගමු.
මුලින්ම අපි පොලවට නව වර්නයක් ලබාදිය යුතුය. ඒ සදහා Ground Brush මෙවලමට
ක්ලික් කරන්න. එවිට එම මෙවලමට උඩින්  වැනි තවත් මෙවලම් 2ක් දිස්වේ. එහි පලමු(වම් පස ඇති) මෙවලම මගින් අපට පොලවේ වර්නයත්, දෙවැනි මෙවලමෙන් පාට කිරීමට අවශ්‍යය හැඩයත් ‍තෝරාදිය හැක. ඔබට අවශ්‍යය ආකාරයට එම ටූල්ස් වෙනස් කිරීමෙන් අනතුරුව පොලොව මත ක්ලික් කිරීමෙන් පොලවෙහි වර්නය වෙනස් කරගත හැක.
ඉහත දැක්වූ ආකාරයට ඔබට කැමති වර්නයක් ලබා දෙන්න. දැන් ඔබට අවශ්‍යය නම් Up/Down  මෙවලම මගින් පොලව විලකට ගැලපෙන පරිදි උස් පහත් කර ගහ හැක. එම මෙවලමට ක්ලික් කර පොලොවට ක්ලික් කල විට පොලොව උස් වේ. උස්වූ පොලොව පහත් කිරීමට පොලොව මත Right Click කරන්න. උස් කල පොලොව පිලිවෙලකට කුඩා කිරීමට Flatten මෙවලම භාවිතා කරන්න.
දැන්අපි පොලවට වතුර පුරවාගත යුතුයි. ඒ සදහා    
මත ක්ලික් කර පොලව මත ක්ලික් කරන්න. ඔබ පොලොව මත ක්ලික් කරන වාරයක් වාරයක් පාසා පොලවේ වතුර මට්ට ඉහලට නගීවි. ඔබට වතුර මට්ටම අඩු කර ගැනීමට අවශ්‍යය නම් පොලොව මත Right Click කිරීම මගින් වතුර මට්ටම අඩු කරගත හැකිය. වතුරට පාටක් එක් කිරීමට Water Tool එකෙහි වම් පස ඇති  
ට ක්ලික් කර කැමති වර්ණයක් ලබාදී පොලොවට ක්ලික් කරන්න.
ඉතිරිය බලාපොරොත්තු වන්න...
මම 4Dimension තාක්ෂනික අංශයේ රුසිරු අංජන 
Copyright @ 2013 සිව් මානය-4Dimension. Designed by Templateism | MyBloggerLab

Clock

4Dimension

Mouse

Blogger Tricks

Definition List

Wadiya

Like Us

-