පරිගණක ක්‍රීඩාවක් පහසුවෙන්ම සාදමු - කෝඩු ගේම් ලැබ් (පළමු කොටස)

Kodu Game Lab හැදින්වීම
ගොඩක් ළමයි පරිගනක ක්‍රීඩා(Computer Games) Play කරන්න දක්වන්නේ පුදුම කැමැත්තක්. අන්න ඒ වගේ අයට මයික්‍රෝසොෆ්ට් ආයතනයෙන් සෑදූ Game Engine එකක් තමයි Kodu Game Lab කියලා හදුන්වන්නේ. කුඩා ළමයෙකුට වුවත් මෙමගින් ඉතා පහසුවෙන් 3D පරිගණක ක්‍රීඩාවක් නිර්මානය කරගත හැකිය. අවශ්‍යය වන්නේ ඉංග්‍රීසි දැනුම හා නිර්මාණශීලී බවයි. ඔබ නොදන්න ඕනම දෙයක් මෙහි වෙබ් සයිට් එක වන www.kodugamelab.com හරහා පහසුවෙන් සොයා ගත හැක.


පරිගණකයට ස්ථාපිත කර ගැනීම
ඔබට Kodu Game Lab එක www.kodugamelab.com හරහා බාගත කරගෙන (Download) Install කරගැනීමට හැකිය. මෙය සාමන්‍යය මෘදුකාංගයක් පරිගණකයේ ස්තාපිත කරන ආකාරයට පරිගනකයට Install කරගත හැකිය.

ඉන්පසු Desktop එකේ ඇති Kodu Icon එක හරහා මෙය විවෘත්ත කරගත හැකිය. 
මෙහි ඇති Configure Kodu Game Lab මගින් Kodu Software එකේ window Size එක වෙනස් කරගන්න පුලුවන්.

Kodu Game Lab වෙත පිවිසීම
Desktop එකේ ඇති  
  Icon එක මත Double Click  කිරීම මගින් Kodu Game Lab වෙත පිවිසීමට හැක.

Start Screen
මෙය විවෘත්ත කරගත් සැනින් අපට Options 6 ලැබේ. ඒවායින් කල හැකි දේ පහතින් දක්වා ඇත.
 ඔබ කලින් සිදුකරමින් සිටි දේ ඉතිරිය කිරීමට හැක
1 ඔබ සේව් කල ගේම් ලබාගත හැක
2 ඔබ සේව් කල ගේම් ලබාගත හැක
3 Kodu Game Lab හි එකමුතුවට සම්බන්ද විය හැක
4 Kodu Game Lab තමාගේ කැමැත්ත පරිදි වෙනස් කර ගත හැක
5 Kodu Game Lab  හි උදව් ලබා ගැනීම
6 Kodu Game Lab වලින් ඉවත් වීමට

Load Screen(Load World)
Load Screen  එක භාවිතා වන්නේ අප් කලින් save කල හෝ  ඔබගේ X-Box එකේ ඇති Games Open කර ගැනීමටයි.  මෙය සරල කොටස් 4 ක් යටතේ ගැනෙයි.

1 Game පහසුවෙන් සොයා ගැනීමට වර්ගීකරණ ලබා දීම
2 ඊලගට ඇති game එකට මාරුවීමට
3 ඔබ දැනට සිටිනා Game එක Open කර ගැනීමට (එය මත Click  කර Play යන්න ඔබන්න)
4 ඔබ සෑදූ Games අන්තර්ජාලයෙන් ලබාගත් ගේම් ලෙස පහසුවෙන්ම වෙන්කර හදුනාගත හැකිය

ඉතිරිය බලාපොරොත්තු වන්න...
මම 4Dimension තාක්ෂනික අංශයේ රුසිරු අංජන 
Copyright @ 2013 සිව් මානය-4Dimension. Designed by Templateism | MyBloggerLab

Clock

4Dimension

Mouse

Blogger Tricks

Definition List

Wadiya

Like Us

-