ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට නව ජීවයක් එක්කරමින් නව හූනන් විශේශයක් සොයා ගනී


මෑත් කාලයේ සිදුකරන ලද නව ගවේශනවල ප්‍රතිඵලයක් ලෙස සොයාගත් නව හූනු විශේශයක් පරිසර විද්‍යා ක්ශේත්‍රයේ නව පෙ‍රැලියක් සිදුකිරීමට සමත්ව සිටී. මෙම නව හූනු විශේශය සොයා ගනු ලැබුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රම්මලකන්ද වනය තුලදීය. මෙම හූනු විශේශය විද්‍යාත්මකව හදුන්වන්නේ Cnemaspis rammalensis යන නමින්ය. මෙම හූනු විශේශය සොයාගනුලැබූ කණ්ඩායමේ නායක මෙන්ඩිස් වික්‍රමසිංහ මහතාට අනුව මෙම හූනන් විශේශය වැඩියෙන්ම සිටින්නේ ශ්‍රී ලංකාවේය. නමුත් ශ්‍රී ලංකාවට සාපේක්ශව අඩු වශයෙන් උවත් ඉන්දියාවේ බටහිර ගැට්ස් හිද මෙම හූනන් විශේශය හමුවේ.


ශ්‍රී ලංකාව හා බටහිර ගැට්ස් ප්‍රදේශ ජෛව විවිධත්වයේ අග්‍රස්තාන ලෙසද හදුන්වයි. මෙම නව ක‍ටුසු විශේශය රම්මලේ දිවා හූන, රම්මලේ පහල්පල්ලි(දෙමළෙන්), හා Rammalea day gecko(ඉංග්‍රීසියෙන්) ලෙස හදුන්වයි. Cnemaspis වර්ගයේ හූනන් සතුව සිහින් ශර්රෙරයක්, විශාල රවුම් හැඩැති කලු ඉංගිරියාවක් සහිත ඇස් සහ සිහින් දිගැටි ඇගිලි පවතී. මෙම රහසිගත්ව ජීවත් වන හූනන් තම වාසස්තානය ලෙස ‍තෝරා ගන්නේ කුඩා ප්‍රදේශයි. මෙම සතුන් දහවලේදී තම වාසස්තාන වලින් පිටතට පැමිනෙති. 

වික්‍රමසිංහ මහතාට අනුව මෙම සත්වයා තම වාසස්තානය ලෙස ‍තෝරා ගන්නේ හොදින් සෙවන ලැබී ඇති ගල්ගුහා, ගල් කැබලි මතුපිට වූ සිදුරු ය. මෙම සත්ව විශේශය ප්‍රාථමික වැසි වනාන්තර වලදී දැකිය හැකි නමුත් හොද ශාක ගහනයක් සහිත නිවාස ආශ්‍රිත වගාවන් හීදී, හා ශාක ආශ්‍රිතව දැකිය නොහැක. මෙම නව සත්ව විශේශය පහසුවෙන් අනෙක් සතුන්ගෙන් වෙන් කර හදුනා ගත් හැකිය. ඒ මේ සත්වයාගේ සන්දි ආශ්‍රිතව ඇති කලු පැහැයෙන්ය. 

මෙම සත්වයා සොයාගත් ගවේශන කන්ඩායම ලෙස වික්‍රමසිංහ මහතා ප්‍රධාන දුලංග විදානපතිරණ මහතා, නෙතූ වික්‍රමසිංහ මහතා සහ ගිහාන් රජීව් මහතා දැක්විය හැක.

සන්ඩේ ඔබ්සර්වර් ඇසුරින්
මම රුසිරු අංජන
4Dimension
තාක්ෂනික අංශ භාර
Copyright @ 2013 සිව් මානය-4Dimension. Designed by Templateism | MyBloggerLab

Clock

4Dimension

Mouse

Blogger Tricks

Definition List

Wadiya

Like Us

-