පරිගණක ක්‍රීඩාවක් පහසුවෙන්ම සාදමු - කෝඩු ගේම් ලැබ් (තුන්වන කොටස)


ජලය පුරවා ගැනීමෙන් අනතුරුව අප මීලගට මාලුවෙකු Add කරගත යුතුය. ඒ සදහා මීට ඉහතදී මෙවලම් යටතේ හැදින්වූ Object Tool මෙවලම මත ක්ලික් කර පොලොව මත ක්ලික් කරන්න. දැන් ඔබට විවිද චරිත ඇතුලත් කොටසක් ලැබේවි. එයින් තමාට කැමති ඕනෑම චරිතයකට ක්ලික් කිරීම මගින් එම චරිතය අපගේ ගේම් එකට ඇතුලත් කරගත හැක. 

මේ ආකරය මාලුවාත්, බෝලයත් අපගේ ගේම් එකට ඇතුලත් කර ගන්න. ඒවායේ වර්ණය වෙනස් කිරීමට, වර්ණය වෙනස් කිරීමට අවශ්‍යය චරිතය උඩට Mouse එක ගෙන ගොස් වම් හා දකුණු ඊතල මගින්(Arrow Keys) වර්නය වෙනස් කර ගැනීමට හැකිය. ඒ වගේම චරිතයේ විශාලත්වය වෙනස් කිරීමට චරිතය මත  Right Click  කර Change Size යන්න මත ක්ලික් කිරීම මගින් විශාලත්වය වෙනස් කර ගත හැක. 
චරිතයේ වේගය සැකසීමට 4 වන මෙවලම මත ක්ලික් කර චරිතය මත Right Click කර Change Settings යන්න ක්ලික් කර ඔබට අවශ්‍යය පරිදි වේගය හා අනෙකුත් Settings සකසා ගත හැක.
දැන් අපි මාලුවාට අවශ්‍යය පාලක(Controls) ලබා දිය යුතුය. ඒ සදහා Object Tool ය මත ක්ලික් කර මාලුවාගේ ඇග උඩට මූසිකය(Mouse) ගෙන ගොස් Right Click කර Programme යන්න ක්ලික් කරන්න. 

අපිට අවශ්‍ය වන්නේ මාලුවා බෝලය ලගට ගියවිට බෝලය නැතිවීම( මාලුවා බෝලය ලබා ගැනීම නිසා) හා බෝලය නැති වන විට ලකුනු වැඩිවීමත්ය. මෙහිදී පාලක ලබා දීම ඉතා පහසු කටයුත්තකි. When යන්නට අවස්තාවත්, Do යන්නට එම අවස්තාව සිදුවුවහොත් විය යුතු දේත් ලබා දිය යුතුය. නව පාලක ලබා දීමට + ලකුන මත ක්ලික් කරන්න. මාලුවාගේ පාලක පහත පරිදි යොදන්න.

දැන් Esc  යතුර ඔබා Play මෙවලමට ක්ලික් කිරීම මගින් ඔබට පහසුවෙන්ම මෙම ක්‍රීඩාව අත්හදා බැලිය හැක. මේ ආකාරයට බෝල කිහිපයක් නැතහොත් වෙන ඕනම දෙයක් යොදා අලුත් ක්‍රීඩාවක් ඔබට නිර්මාණය කරගත හැකිය.

ඉතිරිය බලාපොරොත්තු වන්න...
මම 4Dimension තාක්ෂනික අංශයේ රුසිරු අංජන 
Copyright @ 2013 සිව් මානය-4Dimension. Designed by Templateism | MyBloggerLab

Clock

4Dimension

Mouse

Blogger Tricks

Definition List

Wadiya

Like Us

-