පරිගණක ක්‍රීඩාවක් පහසුවෙන්ම සාදමු - කෝඩු ගේම් ලැබ් (සිව්වන කොටස)

 Path Toolය භාවිතය
මෙම මෙවලම මගින් අපට යම් චරිතයකට ගමන් කිරීමට මාර්ගයක් සාදා දිය හැක. එම මාර්ගය ඇදීමට Path Tool ය මත ක්ලික් කර පොලොව මත ඔබට අවශ්‍යය ස්තාන වල ක්ලික් කරමින් මාර්ගයක් අදින්න. මාර්ගය ඇද අවසන් වූ පසු Double Click කිරීම මගින් එම මාරගය අවසන් කල හැක. ඔබගේ චරිතයට එය අනුගමන කරන ලෙස දැනුම් දීමට පහත පරිදි Programme කරන්න.
Move Camera Toolය භාවිතය
මෙහි ඇති Move Camera මෙවලම මගින් අපට ලැබී ඇති පොලව විවිධ දිශාවලට හැරවීම සහ ලං කිරීම, ඈත් කිරීම කල හැක(Zooming). Zoom කිරීමට මූසිකයේ Mouse Wheel එක භාවිත කල හැක. පොලොව හැරවීමට, පොලොව මත Right Click කරගෙන හැරවිය යුතු පැත්තට මූසිකය ගෙන යා යුතුය. Tab බොත්තම එබීම මගින් අපිට අපගේ චරිත සොයාගත හැක.
Programming ගැන තවදුරටත්
අප ඉහත කී ආකාරයට චරිත මත Right Click කර Programme යන්න ක්ලික් කිරීම මගින් Programming පි‍ටුවට පිවිසිය හැකිය. අපි දැන් මෙම Programme යන්න අවභෝද කර ගැනීමට පහත උදාහරණ ගැන අවධානය යොමු කරමු.
ඉහත සදහන් Programme කල සටහනේ දැක්වෙන්නේ යතුරු පුවරුවේ ඊතල යතුරු ඔබන විට චරිතය වේගයෙන් ගමන් කරන්න යන්නයි.
මේ ආකාරයට ඔබටත් පහසුවෙන්ම Programme කර ගැනීමට හැක.

ඉතිරිය බලාපොරොත්තු වන්න...
මම 4Dimension තාක්ෂනික අංශයේ රුසිරු අංජන 

Copyright @ 2013 සිව් මානය-4Dimension. Designed by Templateism | MyBloggerLab

Clock

4Dimension

Mouse

Blogger Tricks

Definition List

Wadiya

Like Us

-